මාර්තු 13 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය යුධමය තත්ත්වය හේතුවෙන් 2026 අවසාන කාර්තුව දක්වා කල් තැබීමට සිදුව ඇති බව ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) නිවේදනය කරයි.
මෙම තරගාවලියේදී මාර්තු 13, 15 සහ 17 යන දිනවල සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 20 – 20 ජාත්‍යන්තර තරග තුනක් මාර්තු 20, 22 සහ 25 යන දිනවල ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටත් සැලසුම් කර තිබුණි. තරගවලිය කල් දැමිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයද එකඟතාවය පලකර ඇතිබව වාර්තා වේ.