මෙවර අය වැය හදන්නේ IMF එක සතුටු කරන්න.

2024 අයවැය සම්පුර්ණයෙන්ම IMF යෝජනා මත පදනම් සැකසෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි . දැනට වාර්තවන පරිදි 2024 ජනවාරි මාසයේ සිට ධන බද්ද සහ උරුම බද්ද වැනි නව බදු පැනවීමට රජය සැලසුම් කර ඇත්තේ IMF උපදෙස් මත බව ඔහු සඳහන් කළේය. පාතදුම්බර මැතිවරණ සම්මේලනය අමතමින් ඔහු මෙ බව සඳහන් කළේය .

සාම්ප්‍රදායක් ලෙස අයවැය සඳහා මහජන යෝජනා ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පත් දැන්වීමක් පළ කිරීමේ සිරිතක් මෙරට තිබූ බවත්, මෙවර එම දැන්වීම පල නොකළේ අයවැය සැකසීම මහජන අදහස් මත නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගමත සිදුකර ඇති නිසා බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියෙන් පසු විදුලි බිල වැඩි කළා සේම 2024 වසර සඳහා වන අයවැය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත පදනම් වනු ඇතැයි ඔහු පැවසීය.

දැනට පවතින සියයට 9 සිට සියයට 12 දක්වා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා 2024 අයවැය හරහා නව බදු හඳුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයෙන් ඉල්ලා ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *