”මුළු රටටම යාපනයේ දරුවන්ගේ ධෛර්ය ආදර්ශයක්” ඇමති මනූෂගෙන් අළුත්ම කතාවක්.

එදා අපේ දරුවන්ට ජීවිතයට ධෛයර්ය ලබාගැනීම සදහා ජපානයේ ඔෂීන් ටෙලි නාට්‍ය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ධෛයර්යයෙන් ජිවිතය ජය ගැනීම සදහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී පැවසුවේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන ග්ලෝකල් ෆෙයාර් 2023 හි දෙවැනි දිනයේ සමාරම්භක උත්සවයට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා ශ්‍රම වාසනා අරමුදල විසින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

ඕන නැති වෙලාවකට කට ඇරියම මොකද වෙන්නේ කියලා මම ඊයේ පංච තන්ත්‍රයේ එන කතාවකින් මම කිව්වා. පංචතන්ත්‍රයේ තියෙන කතා ගොඩක් අපේ ජීවිතයට වැදගත් වෙනවා. අද මම කතාව පටන් ගන්නේ පොඩි කතාවක් කියලා.

ඒ තමයි තොප්පි වෙලෙන්දාගේ කතාව. ඒක අවුරුදු දෙසීයකට, තුන්සීයකට පරණ කතාවක්. දැන් ඒකේ අලුත් කතාවක් තියෙනවා. ඒ අලුත් කතාවේත් එදා වගේම තොප්පි වෙලෙන්දාගේ තොප්පි ටික වදුරෝ අරගෙන ගිහින් තිබුණා. එදා වගේම මේ තොප්පි වෙලෙන්දා තින්ගේ තොප්පිය

මේ කතාව උතුරට වගේම දකුණටත් වැදගත්. අලුත් විදියට හිතන්න, අලුත් විදියට වැඩ කරන්න මේ කතාව හැමෝටම වැදගත්

ඉස්සර පොඩි කාලේ ටී.වී. ඒකේ ඔෂීන් කියලා කතාවක් ගියා. ඒක රූපවාහිනියේ පෙන්නුවේ දරුවන්ට ශක්තිය, ධෛයර්ය ලබාදෙන එක ගැන උදාහරණ සපයන්න. දැන් මම මගේ දරුවන්ට ඔශීන් ගැන කියන්නේ නෑ. මම කියන්නේ යාපනයේ දරුවන් ආදර්ශයට ගන්න කියලයි. මේ යාපනයට අවුරුදු තිහක් පෙට්‍රල් තිබුණේ නෑ. භූමිතතෙල් තිබුණේ නෑ. විදුලිය තිබුණේ නෑ. බංකර්වල හිටියේ. රෑට කැලේ හැංගිලා හිටියේ. ඒත් මේ දරුවන් මහන්සිවෙලා ඉගෙන ගත්තා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, පරිපාලන නිලධාරීන් මෙහෙන් බිහි වුනා.

අපිට නැගී සිටින්න, ධෛර්යමත් වෙන්න පිට රටවල උදාහරණ ඕන නෑ. යාපනයේ දරුවන්ගේ කතාව, යාපනයේ ධෛර්යයේ කතාව අපේ දරුවන්ට කියලා දුන්නොත්, ඒ ඇති රටක් විදියට ඉහළට එන්න.

ඔබ අවුරුදු තිහක් විදපු් ප්‍රශ්න දකුණේ ඇතිවුන ගමන්, දකුණේ මිනිස්සු පාරට බැස්සා. ඉන්ධන නැති වෙන කොට, විදුලිය නැති වෙකොට දේශපාලඥයින්ට ගහලා, මරලා, දැම්මා. ඒත් ඔබ දශක ගණනක් මේ අමාරුකම් අත්වින්දා. මේ වගේ වෙලාවක රටේම ඇතිවෙලා තියෙන ආර්ථික ප්‍රශ්ණයට විසදුම් දීලා, නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් බවට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගකීම් භාරගත්තා. එතුමා, මම, අපේ කැබිනට් මණ්ඩලය මේ මුළු රටේම දරුවන්ගේ අනගතය වෙනුවෙන් කැපවී වැඩ කරනවා.

මේ දූලා පුතාලට අපේ ආදරයේ දෑත් දිගු කරනවා වගේම මම යාපනයේ තරුණ තරුණියන් හමුවුනා. වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් හමුවුනා. ඒ අය මාත් එක්ක කතා කරන විට, සෙල්ෆි ගන්න මට මෙන්ම ඔවුන්ට අමුත්තක් දැනුනේ නෑ. මට ගමේදී දැනෙන ලෙංගත්කම එතැනදී ලැබුණා.

ඉතිහාසයේ ඉදලම, උතුරේත් දකුණේ දේශපාලඥයින් කරපු බෙදීම මේ දරුවන්ගේ හිත්වල නැති බව මම දන්නවා. ඒ නිසයි, ගාල්ලට ගෙනියන්න තිබුණ පළාත් විගමණික පුහුණු මධ්‍යස්ථානය යාපනයට ගෙනත් දෙන්න තීරණය කළේ.

අපි අවුරුදු තිහක් මේ රට ආපස්සට ගියා. අවුරුදු හැටක් ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතයෙන් බාගයක්. අවුරුදු අනූවක් ජීවත් වන කෙනෙක්ගේ ජීිතයෙන් තුනෙන් එකක්. හැබැයි අපි එකට එකතුවෙලා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා සංහිදියාවේ දෑත් දිගු කරන්නේ බොරුවට නෙමෙයි. මානව හිමිකම් කවුන්සිලයට වාර්තා දෙන්න නෙමෙයි, සංහිදියාවේ දෑත් දිගු කරන්නේ. අපි එකට එකතුවෙලා වැඩ කළොත් වැටිලා තිබෙන රට ගොඩ ගන්න පුලුවන්. මෙතැන ඉන්න දූලා පුතාලාගේ අරමුණුත්, දකුණේ ඉන්න දරුවන්ගේ අරමුණුත් එකයි. මෙතැන ඉන්න අම්මලා තාත්තලාගේ වගේම දකුණේ ඉන්න අම්මලා තාත්තලාගේ අරමුණුත් එකයි.

ඒ නිසා තමයි උතුරේ දරුවන්ට අහිමිවුන අතීතය නැවත ඒ දරුවන්ට ලබාදීමට අපි කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් සහිතවයි.

ග්ලෝකල් ෆෙයර් දරුවන්ට අනාගත ලෝකය දිනන්න හොද දොරටුවක්. අපි ග්ලෝකල් ෆෙයාර් අවසන් කරලා අපි කොළඹ යනවා. හැබැයි අපි විවෘත කරපු දොරේ යතුර ඔබට භාරදීලයි අපි යන්නේ.

බොහෝ වෙලාවට දේශපාලඥයින් ඇවිත් ටකරම් බෙදනවා. වැසිකිලි කටවල් බෙදලා දිලා යනවා. හැබැයි අපි ඇවිත් ඔබට බෙදලා දෙන්නේ දැනුම. අධ්‍යාපනයට අවශ්‍ය දේවල්. අපිට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ දරු පරපුරක් නිර්මාණය කිරිමටයි. අපි දරුවන් වෙනුවේන වැඩ කරන්නේ, අපිට දරුවන් එතරම් වැදගත් වෙන නිසයි.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ග්ලෝකල් ෆෙයර් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මේක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක එතුමා ගාල්ලෙන් අත්හදා බැලුවා. ඊළග අවස්ථාව යාපනයට දෙන්න ඕන කියල කිව්වා. එතුමා ගාල්ලේ දරුවන්ට වඩා තුන් ගුනයක දේවල් යාපනයේ දරුවන්ට එතුමා දීලා තියෙනවා. මේ පළාත් නියෝජනය කරන දේශපාලඥයින් ඔබගේ ඡන්ද අරගෙන ගිහින් ජනතාවට කිසිම දෙයක් නොකරන අවස්ථාවක එතුමා බොහෝ දේවල් කරල තියෙනව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *