මුජිබර්ට ලොකු චෝදනාවක්.

ලංකාවේ පවුල් හතරක සාමාජිකයන් 37 දෙනෙකු සිරියාවේ ISIS පුහුණුව සඳහා නික්ම ගොස් ඇතැයි 2016 වසරේදී එවක අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවත්, එවිට එය වෛරී ප්‍රකාශයක් බව පවසමින් මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි .

කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශය පසුව තහවුරු වූ බවත්, ඒ පිළිබඳ විමර්ශනයට මුජිබර් රහුමාන් ඇතුළු පිරිස බාධා නොකළා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවත්, එහෙයින් මුජිබර් රහුමාන් පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු බවත් ඔහු පැවසීය .