මැගසින් බන්ධනාගාරෙයේ රැඳවුවෙක් මියයාමේ සිද්ධියට දෙදෙනෙක් අත් අඩංගුවට.

ඊයේ දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතුවූ සිදුවීමකට අදාලව බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් මැගසින් බන්ධනාගාරයේ රැඳවූවෙක් මිය ගිය අතර, ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙක් බවද වාර්තා වේ . මත්ද්‍රව්‍ය චෝදනා මත රඳවා සිටි රැඳවූවන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ පලායාමට උත්සාහ කර ඇත . එම උත්සහය වැළැක්වීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කර ඇති අතර එහිදී ඇති වූ ගැටුමකින් රැඳවූවන් දෙදෙනා සහ අදාළ නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. එහිදී රැඳවියෙකු මියගොස් ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මාධ්‍යට පැවසීය .