මාළු සහ මස් ගිනි ගණන් – මිල මෙතැනින් දැනගන්න

ඇතැම් ප්‍රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.

මාළු මිලට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව රු.500 – 800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනෙකුත් මාළු වර්ගවල කිලෝවක සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.
සාලයා – රු. 850.00
ලින්නා – රු. 1350.00
බලයා – රු. 2100.00
තෝරා – රු. 3200.00
පරා – රු. 3500.00
කෙලවල්ලා – රු. 3100.00
මෝරා රු. 3200.00
ගල් මාළු රු. 3200.00
ඉස්සෝ (පොඩි) රු.1400.00
කකුළුවෝ රු. 1900.00
ඇටවල්ලා රු. 1400.00
හැඩැල්ලා රු. 2000.00
කුම්බලාවා රු. 1500.00
බෝල්ලෝ රු. 1500.00

ඊයේ දිනයේ දී ෆ්‍රෙස් කුකුළු මස් කිලෝවක් රු.1200කට අලෙවි වුණා.
කුකුළු මස් (සම සහිත) රු.1100කටත්, කරි චිකන් රු .1100කටත්, එළු මස් රු .3300කටත්, හරක් මස් රු. 2500.00ක ගණනකටත් අලෙවි වී තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!