මාළිමා ආණ්ඩුවක් යටතේ රයිස් කුකර් තහනම්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මගින් රට ආපස්සට ගෙන යන බව එක්සත් ජාතික හිටපු පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි . චැතම් ස්ට්‍රීට් ජර්නල් නාළිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කරමින් කරුණු දැක්වූ ඔහු, එම ප්‍රකශණයේ දරවලින් ආහාර පිසීම විදුලි උඳුන්වලින් ආහාර පිසීම වෙතට සංක්‍රමණය වීම වළක්වා ගැනීමට ක්‍රමෝපායන් දියත් කළ යුතුව ඇති බව සඳහන්ව ඇති බව පෙන්වා දුන්නේය . ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මේ බව දැක්වේ.

දරවලින් ආහාර පිසීම සෞඛ්‍යට අහිතකර බවත්, එමගින් පරිසර ප්‍රශ්ණ ඇතිවන බවත් ලෝකයම පිළිගන්නා අවස්ථාවක ජතික ජනබලවේගය දරණා මේ අදහස කුමක්දැයි ඔහු ප්‍රශ්ණ කර සිටියේය.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එම සාකච්චාවට සහභාගීවූ එහි විධායක සහභාගීවූ එහි විධායක සභික චතුරංග අබේසිංහ ඊට පිළිතුරු දීමට අසමත්වූ අතර ඉදිරියේදී සවිස්තර ප්‍රකාශණයක් ඉදිරිපත් කරනා බවය. එම සාකච්චාව පහතින් නරඹන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!