මාස 10 ක් තුළ තත්ත්වයෙන් බාල ඖෂධ 100 ක් හඳුනාගනී

2023 වසරේ ගෙවි ගිය මාස 10 තුළ සිදුකළ පරීක්ෂණවලින් ඖෂධ 100 ක් තත්ත්වයෙන් බාල ඒවා බව තහවුරුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි .

තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 52 ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 40 ක් දේශීයව නිෂ්පාදනය කර ඇති අතර සෙසු ඒවා චීනය, පකිස්ථානය, ජපානය සහ බංග්ලාදේශය වැනි රටවලින් ගෙන ආ ඒවා විය.

මීට අමතරව, Flucloxacillin Cap කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ඇති අතර, එය ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 2017 වසරේ සිට මේ දක්වා ඖෂධ 600 කට ආසන්න සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බව තහවුරුව ඇත. ඒ අතරින් වසරකට වැඩිම තත්ත්වයෙන් බාල ඖෂධ සංඛ්‍යාවක් වාර්තාවූයේ 2019 දී වන අතර, එම වසරේදී ඖෂධ 96 ක් තත්ත්වයෙන් බාල බව තහවුරු විය. 2022 දී එම සංඛ්‍යාව ඖෂධ 86 ක් දක්වා පහත වැටුනි. ඒ අනුව මේ වසරේ ඖෂධ 100 ක් ප්‍රමිතියෙන් තොර බව වාර්තා වී ඉතිහාසයේ වැඩිම තත්ත්වයෙන් බාල ඖෂධ තොගය වාර්තවීම ලෙස වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *