මාලදිවයිනේ ජනාධිපතිට රනිල්ගේ සුභ පැතුම්.

මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු එම ධුරයේ දිවුරුම්දීමේ උත්සවය ඊයේ මාලේහීදි පැවති අතර ඊට සහභාගීවූ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුභපැතුම් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූයේය.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අසල්වැසි රටවල නායකයින් ඇතුළු අමුත්තන් 3000කට අධික පිරිසකට ආරාධනා කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නව ජනාධිපති මුයිසු, සිය සමාරම්භක දේශනයේදී, “වෙනත් ඕනෑම රටක ආරක්‍ෂක රතු රේඛාවට” ගරු කරන බවට ප්‍රතිඥා දුන්නේය. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්දියන් සාගර දූපත් සමූහයට “ඝන රතු ඉරක්” ඇති බව ඔහු අවධාරණය කළේය.

මාලදිවයින ඉන්දියාව සමග දැඩි සබඳත පවත්වන අතර එරට ආරක්ෂාව සම්බන්ධව තීරණාත්මක බලපෑමක් සිදු කරයි. එහෙත් නව ජනාධිපති මුයිසු දැඩි චීන හිතවදී ස්ථාවරයක් අනුගමනය කරනා අතර, ඉන්දියාව සමග පවත්වන සබඳතා තව දුරටත් වර්ධනය කරගැනීමට උත්සහ නොකරනු ඇතැයි එරට ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!