මාතර දිස්ත්‍රිකයේ පිරිමි 1900 කට එක බාර් එක ගානේ තියනවා

පසුගිය මාස 4දී පමණක් මාතර දිස්ත්‍රික්කයේ පමණක් සුරා සැල් 44 ක් අළුතින් විවෘතවී ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. පසුගිය වසර 50 කාලයේ මාතර දිස්ත්‍රික්කයේ තිබුනේ සුරාසැල් 96 ක් බවත් මෑතකදී නව සුරාසැල් සඳහා බලපත්‍ර අළුතින් ලබාදිම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනා බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

අද වන විය මාතර දිස්ත්‍රික්කයේ සුරාසැල් 144ක් තිබෙන බවත් ඒ අනුව සෑම අවුරුදු 18ට වැඩි පිරිමින්ගෙන් 1900 කට සුරාසැල බැගින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය . මෙරට සිදුවන බොහෝ අපරාධවලට මත්පැන් හේතුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *