මාක් සකර්බර්ග් රෝහලේ

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් සැත්කමක් සිදු කර තිබේ.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර ඇත.

එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද ඔහු එහි දී පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතිය ද පුද කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *