දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ ප්‍රකාශය පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත .
අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම හමුවේ සිය සේවාදායකයා ලබාදුන් එම ප්‍රකාශය ස්වෙච්චාවෙන් ලබා එකක් නොව බියගැන්වීම් මගින් ලබගත් එකක් ලෙස එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙයි .
එම දිවුරුම් ප්‍රකාශයට අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් ඔහුගේ ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස ඔහුට තර්ජනය කර ඇත.
මීට පෙර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, එයාර් බස් ගනුදෙනුවේදී අල්ලසක් ලෙස ලැබුණු රුපියල් මිලියන 60 ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට භාර දුන් බව කපිල චන්ද්‍රසේන කොමිසමට කළ ප්‍රකාශයක සඳහන් කර ඇති බවයි.
එහෙත් එකී මාර්තු 18 දිනැති ප්‍රකාශය තමා කළ ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් නොවන බවත්, ප්‍රශ්න කිරීමේදී පටිගත කිරීමේ කාමරයෙන් පිටතට ගෙන ගොස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් විසින් තමාට තර්ජනය කිරීමෙන් පසු ලබාගත් එකක් බවත් සැකකාර කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශයෙන් කියා සිටී . එම දිවුරුම් ප්‍රකාශය පහත දැක් වෙයි.


