කතකට පහර දුන් ආණ්ඩුකාර පුතා ගැන පොලිසියෙන් නිවේදනයක්

ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින්, ඉකුත් දා කොළඹ 6 ප්‍රදේශයේ මහල් නිවසක දී කාන්තාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සැකකරු මේ වන විට සැඟවී සිටින බවත්, සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකනය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි.

මේ අතර සැකකරු මෙතෙක් පොලිසිය වෙත භාර වීමට හෝ කටයුතු කර නැති බවත්, සැකකරුගේ පියා වන ආණ්ඩුකාරවරයා විසින් ද ඔහු පොලිසියට බාර වීමක් පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් සඳහන කර නැති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

තව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පොලිසිය ද එය පිළිගෙන නැති බවත් ආණ්ඩුකාරවරයා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා උක්ත කරුණු සඳහන් කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!