මහපොළ ලොතරැයියේ වංචාවකට හිටපු අමාත්‍යංශ ලේකම් අත්අඩංගුවට .

වෙළෙඳ අමාත්‍යාංශයෙ හිටපු ලේකම්වරයෙකු වන ප්‍රියන්ක මද්දුමබණ්ඩාර සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ අත් අඩංගුවට ගත් බව එම කොමිසම පවසයි.

මහපොළ ඔන්ලයින් ලොතරැයිය සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදු වූ බව කියන දූෂණ ක්‍රියාවලට අදාළ මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බව එම කොමිසම පවසයි .