මහගිරිදඹ අවදානම් . ශ්‍රී පාද වන්දනවට පොලිසියෙන් සිමා.

හැටන් නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් සඳහා සිමා පැනවීමට පොලිසිය කටයුතු කර ඇත . ඒ අනුව නල්ලතන්නිය සිට ශ්‍රිපාද මළුව දක්වා සුළු කණ්ඩායම් ලෙස පමනක් ගමන් කිරීමට වන්දනාකරුවන්ය අවස්ථාව ලබා දී ඇති බා නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙක් මාධ්‍යට පැවසීය .

නල්ලතන්නිය හරහා ශ්‍රිපාද මහා මළුවට පිවිසෙන මාර්ගයේ මහගිරිදඹ අසල ඇතිවු නායයාමේ තර්ජනය ගැන සළකා හැටන් මාර්ගයේ ගමන් කරන වන්දනාකරුවන් සංඛ්‍යාව සිමා කිරිමට පියවර ගත් බව ඔහු වැඩි දුරටත් පැවසීය .

වන්දනා සමයේ ආරම්භය නිසා තවමත් දිනකට පමිනෙන්නේ සීමිත වන්දනාකරුන් පිරිසක් පමනක් බවත්, එම පිරිසට කුඩා කණ්ඩායම් වලට වෙන්කර හැටන් පාර ඔස්සේ ශ්‍රිපාද මහා මළුව දක්වා ගමන් කිරිමට පහසුකම් සලසා ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .

කෙසේ වෙතත් පැමිනෙන වන්දනාකරුවන් වැඩි වුවහෝත් එම වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඉදිකටු පාන අසලින් හරවා රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මහා මළුව දක්වා හරවා යැවිමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය .

මේ වන විට නායයාමේ අවදානමට ලක්වු ප්‍රදේශය යුධ හමුදාවේ පිරිස් විසින් පිළිසකර කරමින් පවතින බවත්, තවත් සති දෙකක කාලයක් තුලදි එම පිලිසකර කිරිමේ කටයුතු නිමවිමෙන් පසුව නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාද මහා මළුව දක්වා පෙර පරිදි වන්දනා කිරිමට හැකි බවත් ඔහු සඳහන් කළේය .