මහ සයුරේ දී ධීවර යාත්‍රාවක් නැවක ගැටේ – බිහිසුණු අනතුරේ තොරතුරු මෙන්න

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

පසුගිය 12 වැනිදා වාලච්චේන ධීවර වරායෙන්, බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයින් පස්දෙනෙකු වරායේ සිට 47ක් පමණ දුරින් අනතුරට ලක් වී තිබෙනවා.

ඔවුන් ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර 60 හැවිරිදි ඔලුවිල් හි පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුරින් තුවාල ලබා නොමැති බව සඳහන්.

නාවික හමුදාව විසින් වෙනත් ධීවර බෝට්ටුවක සහාය ඇති ව මෙම පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!