මන්නා රමේෂ් ගේන්න ‘රහස් පොලිසිය’ ඩුබායි යන්න සුදානම්

සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

මන්නා රමේෂ් සිය බිරිය සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් දිනෙක ඩුබායි පොලිසියට කොටු වී තිබෙන අතර එය නිල වශයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයිද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!