මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගෙ චීවර පූජාවක.

කපු නූල් උපයෝගී කර ගනිමින් මහනුවර නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය මගින් සකස් කරන ලද සිවුරු, මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් වෙත පිළිගැන්වීම ඉකුත්දා සිදුවිය.

කිසිදු ප්‍රයෝජනයකින් තොරව වසර හයක පමණ කාලයක් අත හැර දමා තිබුණු නියංගොඩ සළුසල මධ්‍යස්ථානය පිළිසකර කිරීමෙන් පසු එහි පේෂකර්මාන්ත කටයුතු යළි ක්‍රියාත්මක කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ ගේ මැදිහත්වීම මත මෙම මධ්‍යස්ථානය යළි විවෘත වූ අතර එහිදී කපු නූල් භාවිත කොට මෙම සිවුරු සකස් කොට තිබේ. එම සිවුරු මහ සංඝරත්නයට ප්‍රදානය කිරීමට ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත මධ්‍යම පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ සීමාසහිත සළුසල ආයතනය සැලසුම් කොට තිබේ.

ඒ අනුව පළමු චීවර කට්ටලය මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත පිළිගැන්වීම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ විසින් සිදුකරන ලදි.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා රණවිර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

නදීක දයා බණ්ඩාර

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *