මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැර ඇතිබව වාර්තා වේ .

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (31) පෙරවරුවේ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණ භාරවුණා.

එහිදී අත්අඩංගුවට ගැණුනු ඔහු මතුගම පොලීසියට භාර කිරීමෙන් පසු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සභාපති කසුන් මුණසිංහ තමන්ට තර්ජන කළ බවට එහි ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ මතුගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුව් ඇත.
.