මත්ද්‍රව්‍ය සමග උදේ අත් අඩංගුවට ගත් මාලිමාවේ උප නගරාධිපති දුවට හවස ඇප.

ජාතික ජන බලවේගය බලය දරන මහනුවර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිස පිරික් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ .

පොලිසිය විසින් මහනුවර ප්‍රදේශයේ සිදු කරන ලද වැටදීමකදී ෆේස්බුක් මිතුරු සමාජයක් මගින් සංවිධානය කරන ලද සාදයකදී මාලිමා නියෝජ්‍ය නගරාධිපතිගේ දියණිය ඇගේ පෙම්වතා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගන්න ලදි . අත් අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපති දියණිය විසි හය හැවිරිදි වියේ පසුවන්නීය .

අදාල වැටලීම ගැන පොලිසිය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මල්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන අය වෙති .