මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරීත්වයත් එතෙරට

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කළමණාකාරීත්වය ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt) Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායන් වෙත පැවරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එම ආයතන වෙත මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරීත්වය භාරදීමට යෝජනා වී තිබෙන්නේ වසර 30 ක කාල සීමාවක් සඳහායි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!