භිෂුන් වහන්සේලා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මාස හයකට පෙර ලැබුන තොරතුරු නොසලකා හැරලා.

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමග භිෂූන්වහන්සේලා පිරිසක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල බුද්ධි තොරතුරු මීට මාස හයකට පෙර ආරක්ෂක අංශ වෙත ලැබී තිබුණද ඒවා නොසලකා හැර තිබූ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති .

මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක් වෙමින් උන්වහන්සී මේ බව පැවසූහ .

2025 ඔක්තෝබර් මාසයේදීම බන්ධනාගාරගතව සිටි තරුණයෙකු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාලය සහ එය මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණු බවත්,
තායිලන්තයේ මත්ද්‍රව්‍ය කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන නිකී ෆ්‍රෙක්ෂ් නැමති එංගලන්ත ජාතිකයා මෙම ජාවාරමේ ප්‍රධානියා බවත් උන්වහන්සේ පවසති .

දැනට ලංකාවේ රැඳී සිටින මෙම එංගලන්ත ජාතිකයා මීට පෙර ලංකාවේදී බන්ධනාගාරගතව සිටටි අවස්ථාවක , බුද්ධි තොරතුරු ලබා දුන් තරුණයාට මුණගැසී ඇති බවත්, එහිදී මෙම තොරතුරු හෙළිව ඇති බවත් ඥානසාර හිමියෝ පවසති .

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වර්තමාන ලේකම් හිමියන්ගේ ක්‍රියාකාරීත්ත්වය පරශ්ණ සහගත බවත්, විදේශ රටවල් කිහිපයකින් කොල්ලකෑම් සම්බන්ධයෙන් එ හිමියන්ට තහනම් පැනවී ඇති බවත් ඥනසාර හිකොයෝ පවසති . දැනට අත් අඩංගුවට පත්ව සිටිනා හිමිවරු 22 නම ඇතුළු භික්ෂූ කණ්ඩායම් විදේශගත කිරීමට ඔහු මැදිහත් වී ඇති බවත් උන්වහන්සේ චෝදනා කරති .