බුද්ධික ටින්ඩර් එකට ඇවිත්

ටින්ඩ්ර් කියන්නේ සහකරුවන් හොයන යෙදුමක්‍ ය. එහි තමාට ඕනෑම ආකාරයේ සහකරුවෙකු සොයා ගත හැකිය. බුද්ධික පතිරණ එහි ගොස් ඇත්තේ ඔහුට ගැලපෙන සහකරුවන් සෙවීමට නොවේ යැයි කිව හැක්කේ කාටද.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලක ද වැඩ වරද්දා ගත්තේ ටින්ඩර් ගොස් සහකාරියක් සොයාගැනීමට යාම නිසා ය.

මෙම සිදුවීම පසුගිය සමයේ බොහෝ කතාබහට ලක්විය. එනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ගැනිණ. ධනුෂ්ක ටින්ඩර් යෙදුම හරහා හඳුනාගත් ඕස්ට්‍රේලියාවේ 29 හැවිරිදි කාන්තාවක් රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී ලිංගික අතවරයකට ලක් කළ බවට චෝදනා එල්ල වී ඔහුගේ කීර්තිනාමය කෙලෙසා ගත්තේය.

සැබැවින්ම tinder යෙදුම යනු කුමක්ද, එය online dating application හෙවත් සහකරුවන් සොයා ගැනීමේ යෙදුමකි. එහිදී තමාගේ මනෝ භාවයට ගැළපෙන සහකරුවෙකු සහකරුවකු හෝ සහකාරියක සොයා ගත හැකිය.

2017 වන විට,එක්සත් ජනපදයේ නව ජෝඩු මුණගැසෙන අංක එකේ ක්‍රමය මෙම යෙදුම විය. 2040 වන විට අන්තර්ජාලය හරහා මුණගැසෙන ජෝඩු ප්‍රතිශතය 70% දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

පිරිමින් කාන්තාවන්ට වඩා වැඩි සංඛ්‍යාතයකින් මෙම Tinder යෙදුම් භාවිතා කරයි.Tinder යෙදුම මිනිසුන්ට දහස් ගණනක් හෝ මිලියන ගණනක් විභව සහකරුවන් සිටින බවට හැඟීමක් ඇති කරයි. මෙහි එක් මානයක් නම් එය පිරිමි මනෝවිද්‍යාවට ඇති කරන බලපෑමයි. එම යෙදවුම් යෙදුමෙහි සැරිසරන විට කාන්තාවන්ගේ අතිරික්තයක් ඇති බවට හැඟී යාමයි.

කෙසේ නමුත් ලංකාවේ දේශපාලකයෙකු වන බුද්ධික පතිරණ දේශපාලනය සහ රට සංවර්ධනය පසෙකලා සහකරුවන් සොයන මෘදුකාංගයක සැරිසැරීම හාස්‍යයට ලක්වන කරුණකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *