ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්රමවේදයම විකෘති කර ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සදහන් කරයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ වර්ග කිහිපයක් භාවිතය අත්හිටුවීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.
“Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.
ලංකාවේ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රමවේදයක් තිබුණා. කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.
ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.
“අනුර – මෝදි හොර ගිවිසුම් ඉරා දමනු” කියා අප හඬ නැගුවේ ඒ නිසා. අදටත් ඒ ගිවිසුම් පවා ජනතාවට රහසක්. රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.
අද ඒ අනතුරු ඇඟවීම් යථාර්ථයක් වෙමින් යනවා. නමුත් එය සිදුවන්නේ ජීවිත බිලිගනිමින්.
මේ විනාශයට ඉඩ නොදෙන ලෙස අප එදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට සහ මාලිමාවේ නියෝජිතයන්ට ආයාචනා කළා. මිනිස් ජීවිත අහිමි වීමෙන් පසුව මේවා කතා කර පලක් නැති බවත් කිව්වා.
හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන්න. මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම් වලින් ඉවත් වන්න..