බලාපොරොත්තු වුන දිනයට තෙල් නැව් දෙකක් ආවේ නෑ. ජනපති කියයි .

මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් වූ දිගුකාලීන ටෙන්ඩර් දෙකකට අදාළ නැව් දෙකක් නියමිත කාලයට ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමස්ත ඉන්ධන සැපයුම් ජාලයම දැඩි කළමනාකරණ අර්බුදයකට ලක්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .

මීට අමතරව පෞද්ගලික අංශයේ තෙල් අලෙවිකරුවන්ට අයත් තවත් එක් ඉන්ධන නැවක් ද නියමිත දිනට මෙරටට ළඟා නොවන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය . මෙම නැව් පැමිණීම ප්‍රමාද වන බවට අදාළ පාර්ශ්වයන් දැනුම් දී ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය .