මාධ්‍ය මගින් පුද්ගලයෙකුට අපහාසයක් කරනා ලදැයි ලැබෙනා පැමිණිලි විමර්ෂණයට පොලිසියට නෛතික බලයක් නැතිනමුත් , යම් කෙනෙක් එවැනි පැමිණිල්ලක් කළහොත් එය බාර ගෙන විමර්ෂණය කිරීමට සිදුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් පැවසීය .
ඕනෑම පුද්ගලයෙකුට අපහාසයක් සිදුවුවහොත් අධිකරණය හමුවේ සිවිල් අපහාස නඩුවක් ගොනුකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි . එහෙත් පොලිස් ස්ථානයකට ලැබෙනා ඕනෑම පැමිණිල්ලක් බාරගෙන විභාග කිරීමට පොලිස් නිළධරීන් බැඳී සිටිනා බව ඔහු අවධාරණය කරයි..