බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප .

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ තීරයේ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඒ, එම සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද ත්‍රීකුණාමලය මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.