දැනට සතියේ බදාදා දින ක්‍රියත්මක විශේෂ නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය .
ඒ අනුව අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වීමට නියමිතය. ඊට අදලා චක්‍රලේඛණ ඉදිරියෙදී නිකුත් කිරීමට නියමිත බව ඔහු පැවසීය .
රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි .