පොලිසියේ තුන් දෙනෙක් දණින් වැටී සමාව ඉල්ලයි .

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 80ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගෙන ගෙන ඔවුනට එරෙහිව පවරා තිබූ නඩුව සමතයකට පත්කර ගත්බව වාර්තා වෙයි .

මෙම සිදුවීම වාර්තාවූයේ විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගවූ මූලික අයිතිවාසිකම් නඩුවකදීය . ගොඩ්වින් පෙරේරා නම් 81 හැවිරිදි පුරවැසියකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුනි.

2017 වසරේදී ගොඩ්වින් පෙරේරා මහතා නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිටි පුද්ගලයෙක් දැක ඔහු රෝහල් ගත කර ඇත . ඊට පෙර ඔහු ඒ පිළිබදව පොලිසියට දැනුම් දී තිබේ .

පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා මෙම ගොඩ්වින් පෙරේරාවම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන් වෙයි.

ඉන් අනතුරුව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් අගතියට පත්වූ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුමේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට එළැඹීමට පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා මහතා එකඟවීම නිසා අද එම නඩුව සමථයකට පත්වෙන ලදි. එහිදී වග උත්තර කාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට අවවාද කරන ලදි.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වශයෙන් පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා මහතා ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබාගන්නා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!