පොලිස් නිළධාරියෙකුට සහ කාන්තාවකට පහර දුන් විදෙස් කත රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට සහ එම දෙදෙනාගේ ආරවුල සමතයකට පත්කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද පහර දී ඇත.

37 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව කලත්‍ර වීසා මත වසර 18ක් තිස්සේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි .

පොලිස් රාජකරියට බාධා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා මත එම කාන්තාව අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි .