පොතුහැර මාරාන්තික රිය අනතුරක් – තිදෙනෙක්ට දිවි අහිමි වේ

පොතුහැර, බුළුගොල්ල හංදිය අසල දී කොළඹ දක්වා ධාවනය වු එළවළු ප්‍රවාහන ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි මෙම තිදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (05) රාත්‍රී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොතුහැර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!