පේරාදෙණියේ සැකසහිත එන්නත භාවිත‍යෙන් ඉවතට

පේරාදෙණිය රෝහලේදී තරුණියක්ගේ මරණයට හේතුවූ වූ බවට සැකකරනා එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ .

මෙම එන්නතම භාවිතා කළ මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා මතුවූ බවත් මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවා පරික්ෂා කරන තෙක් මහනුවර රෝහලට සහ පේරාදෙණිය රෝහලට ලබාදී ඇති කාණ්ඩය තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *