පෘථිවියට සමාන ජීවත්වීමට සුදුසු තවත් ග්‍රහලෝකයක් ?

පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට උපකල්පනය කරන ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සොයාගෙන තිබෙන අතර ග්ලීස් 12 බී ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු දැනටමත් හඳුනාගෙන ඇති ග්‍රහලෝක කිහිපයට අයත් බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.

එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයින් පවසන අතර සෑම දින 12.8 කට වරක් එය සූර්යයා වටා කක්ෂගත වන අතර පෘථිවියට සමාන විශාලත්වයක් දරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!