පුංචි ඡන්දෙයේ නාම යෝජනා අවලංගු කිරීමෙන් ලක්ෂ දස දහසක පාඩුවක්

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පසුගිය දා ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.

රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
“මේ වනකොට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් වැයකරලා තිබෙනවා. මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩී. මේ මහජන මුදල් පිළබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ.” යනුවෙන් පැවසූ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කුමන මොහොතක හෝ එම මැතිවරණය පවත්වන්නට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *