පාසල් භූමියේ ලිස්සා වැටී සිසුවියක මියයයි

කලවාන – මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ සිසුවියක්, පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

අද (06) උදෑසන පාසලේ අධ්‍යන කටයුතු ආරම්භ වීමට පෙර, නාමලේඛනය රැගෙන ඒමට කාර්‍යාලයට ගොස් නැවත පන්තිය වෙත එමින් සිටිය දී යි අදාළ ශිෂ්‍යාව මේ අයුරින් ලෙස්සා වැටී තිබුණේ.

ඇය ලෙස්සා වැටුණු අවස්ථාවේ දී ඇයගේ මුහුණ එහි තිබූ කොන්ක්‍රීට් කුට්ටියක ගැටී තිබෙන බවත් වාර්තා වනවා.

මේ ආකාරයෙන් අදාළ අනතුරින් මිය ගොස් තිබුණේ, අදාළ පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගනුම ලැබූ දකුණු කුකුලේගම පදිංචි ශිෂ්‍යාවක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!