පාර්ලිමේන්තුව රැස්වෙද්දී විශ්වාසභංගය ගැනත් තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාරදීමට නියමිත බව සමගි ජන බලවේගය පවසනවා.

කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (05) හෙට සහ අනිද්දා රැස්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!