පාපන්දුවේ අර්බුද රැසක්. නාම යෝජනා පහක් ප්‍රතික්ෂේප වේ

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිතට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර, මේ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.
සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ මෙලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

වාර්තා වන පරිදි මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීමයි.

දක්ෂිතගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමි වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *