පාතාල සාමාජිකයෙක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා 23ක් කුඩුකරයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු එහි සවිකර තිබූ CCTV කැමරා 23ක් විනාශ කර ඇතිබව වාර්තාවේ . මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බළධාරීන් රත්ගම පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

32 හැවිරිදි පසුවන සැකකාර රැඳවූවා පාතාල සාමාජිකයෙක් බවත්, ඔහුට එරෙහිව නඩු 13 විභාගවන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .

වාතාශ්‍රය ලබා ගැනීම සඳහා සිරකරුවන් සිරමැදිරිවලින් පිටතට ගෙන යන අවස්ථාවේ මෙම රැඳවියා තාප්පයට නැග ඔහු රඳවා සිටින සිර මැදිරිය තුළ සහ ඉන් පිටත සවිකර තිබූ සීසීටීවී කැමරා විනාශ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!