කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයාය . බුද්ධි තොරතුරකට අනුව ඉහත ඊයේ (25) ඔහු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම ඝාතනය මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින සිදුකර තිබුණි.
මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ.