ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුව සහිත මුද්දරයක් එළිදැක්වේ .

1925 නිහඬ චිත්‍රපට යුගයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකික සිනමාවේ ඉතිහාසය 2025 දී අභිමානවත් සියවස් සන්ධිස්ථානයට ළඟා විය . ඒ වෙනුවෙන් පැවති විශේෂ සමරු උත්සවයකදී ශ්‍රී ලංකා සිනමාවේ සියවැනි වසර සනිටුහන් කරමින් ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහගේ රුව සහිත සමරු මුද්දරයක් එළිදැක්විණි.

සිංහල සිනමාවේ 79 වැනි වසර සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54 ක් සපිරීමද මෙහිදී සැමරීමට ලක්විය .

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය ආරියරත්න ද සහභාගී විය.