ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
මෙම තීරණයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ ඔහු විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුවයි .
මහාචාර්ය කපිල පෙරේරා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකද දැනුම්වත් කර ඇති බවත්, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.
ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නැවතත් ඔහු විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව වාර්තා වේ.