ප්‍රභාකරන්ගේ මරණය ගැන මම මොකුත් දන්නේ නෑ. මෛත්‍රී යාපනයේදී කියයි

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරීක්ෂණය පිළිබඳ තමන්ට කිසිදු දැනීමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

යාපනයේ නල්ලූර්හි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තමන්ට ප්‍රභාකාරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ජාන පරීක්ෂාව සම්බන්ධයෙන් කිසිවකු කිසිම තොරතුරක් ප්‍රකාශ නොකළ වගද, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටින් බැහැර වූ අවස්ථාවේදී වැඩ බලන සේනාධිනායකයා වූයේ තමන් කටයුතු කළ බව ද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලයේ විදේශ රටක සිටියද යුද්ධයට ඔහු එම ස්ථානවල සිට අණ දුන් බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම “මම අවසන් යුද්ධයේදී සති දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළා. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවුරුත් මට ඒ ගැන මොකුත් කිව්වේ නෑ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා මීට අදාළ තොරතුරු ලබාගැනීමට මම උත්සාහ කළත් හමුදාව එය වළක්වා තිබුණා” යනුවෙන්ද ඔහු මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *