ප්‍රධානපෙළේ ‘ස්වර්ණාභරණ ආයතන 13ක’ හොර වැඩ හසුවේ

මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල් කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති අතර ඇතැම් පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

රජයට ගෙවිය යුතු බදු නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන් ලබාගෙන තිබූ බව කියන එම ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්ව ර් ණා භරණ ආයතන කීපයක්ම තිබෙන බවද වාර්තාවනවා.

මෙරට ප්‍රධාන ස්ව ර් ණාභ රණ ආයතන කාලයක් තිස්සේ නී ත්‍යනුකූල නොවන මා ර් ග වලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට වසරකට රුපියල් කෝටි 30000 ක පමණ බදු ආදායමක් අහිමිවන බවද සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!