1950 දශකයේ ප්‍රකට නිළියක වූ බ්‍රිජට් බාඩෝ 91 වැනි වියේදී මියගිය බව බ්‍රිජට් බාඩෝ පදනම නිවේදනය කර සිටී .
ප්‍රංශ සිනමාවේ ගිණිසිළුව ලෙසින් හැඳින්වූ ඇය සරාගී සහ නිරුවත් දර්ශන නොපැකිළව රගපෑම සම්බන්ධයෙන් ප්රකටව සිටියාය. ලෝක සිනමාවට ලිංගික විමුක්තිය ගෙන ආ නිළිය ලෙස සලකන බ්‍රිජට් බාඩෝ විවාහව සිටියේ සිනමා අධ්යක්ෂවරයෙක් වන රොජර් වාඩිම් සමගය.
BB ලෙසින් ලොවම හැඳින්වූ ඇය A Very Private Affair, And God Created Woman, Mademoiselle Strip-tease, Viva Maria! , The Girl in the Bikini, The Truth අතුළු සිනමාපට රැසක් සඳහා සිය දායකත්ත්වය සැපයූවාය .
බාඩෝගේ නිරුවත් දර්ශන වඩාත් කලාත්මක ලෙස සිනමාවට යොදාගත්තේ ඇගේ සැමියාවන රොජර් වාඩිම් බව සිනමා විචාරක මතය වෙයි . සිනමාවෙන් ඉවත් වූ ඇය සත්ත්ව සුබ සාධනය වෙනුවෙන් කැපවූ අතර ඒ වෙනුවෙන් සංවිධානයක්ද පිහිටවා ගත්තාය.
බාඩෝ ගේ මරණය ගැන ශෝකය පලකරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුනි . සමස්ත ප්‍රංශ ජනතාවම “සියවසේ පුරාවෘත්තයක්” ලෙස හඳුන්වන BB සම්බන්ධයෙන් ශෝකවන බව එහි සඳහන් වෙයි .