නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක්රියාත්මකවන මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්ර තුනෙන් දෙකක්ම මේ වන විට අක්රීය වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.
අක්රීයකර ඇති දෙවන නැවත ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන්නේ එළඹෙන ජනවාරි මස 02 වැනිදා බවත් ඔහු පවසයි .
බොයිලේරු නළ පද්ධතියේ හටගත් කාන්දුවක් හේතුවෙන් පළමු ඒකකය දෙසැම්බර් 20 වැනිදා සිට මෙය අක්රීය වී ඇත. කෙසේ වෙතත්, මෙහි අලුත්වැඩියා කටයුතු නිම කර නැවත සක්රීය කිරීමට ලබන වසරේ ජුනි මස 02 වැනිදා දක්වා කල් ගතවනු ඇතැයි වාර්තා වේ.
එම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයෙන ධාරිතාවෙන් සැලකිය යුතු ප්රමාණයක් අහිමි වී ඇති බව ඔහු පවසයි