නේටෝ හැර යනවා . ට්‍රම්ප් තර්ජනය කරයි .

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් (NATO) ඇමරිකාව ඉවත් කරගන්නා බවට ද ජනාධිපතිවරයා යළිත් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඉරානය සමග වන යුද්ධයට NATO රටවලින් අපේක්ෂිත සහය නොලැබීම හේතුවෙන් කළකිරීමට පත්ව සිටිනා ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා ගනනකදීම NATO සාමාජිකයන් විවේචනයට ලක්කළේය .

ඉරානය සමඟ පවතින “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) හමුදා මෙහෙයුම ඉතා කෙටි කලකින් අවසන් කර ඇමරිකානු හමුදා එරටින් ඉවත් කරගන්නා බවත්, එම කටයුතු සඳහා ඉදිරි සති දෙක තුන ප්‍රමානවත් බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය .

බ්‍රිතාන්‍යයේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පත වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ නේටෝ සංවිධානය යනු “කඩදාසියෙන් සෑදූ කොටියෙකු” බවත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවා ඒ බව දන්නා බවත්ය.

මේ අතර, ඇමරිකානු සෙනෙට් සභික මාර්කෝ රූබියෝ ෆොක්ස් නිවුස් නාලිකාවට පවසමින් කියා සිටියේ, මෙම අර්බුදය විසඳීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීමේ හැකියාවක් පවතින බවය . ” යුද්ධයේ නිමාව දැන් පෙනෙන මානයට ඇවිල්ලා. සාකච්චා ආරම්භ කිරීමට දැනුත් කිසිම බාධාවක් නෑ ” ඔහු පැවසීය .