නෙළුවේ අතුරුදහන්වූ දරුවාගේ සිරුර හමුවේ.

නෙළුව ප්‍රදේශයේ දී ඊයේ අතුරුදහන් වූ තුන් හැවිරිදි දරුවාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව අප වාර්තාකරු පවසයි.

දරුවාගේ සිරුර නිවස අසළ දොළපහරක තිබී සොයාගැනීමට යුධහමුදා ජීවිත ආරක්ෂක සෙබලුන් සමත්ව තිබේ. ඊයේ දරුවා අතුරුදහන් වූ වේලාවේ සිට පොලිසිය සහ අවට පදිංචි කරුවන් දරුවා සොයා සෝදිසි කිරිම් කළ අතර අවසාන වශයෙන් දරුවා නිවසට නොදුරු මාර්ගය අසල සිටි බව අවට පදිංචිකරුවෙක් දැක ඇත.

දරුවාගේ මව මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවිකාවක් වන අතර ඇය අවුරුදු නිවඩුවර සිය ගමට ගිය අවස්ථාවේ මේ සිදුවීම සිදුව ඇත . ඊයේ උදයේ නිවැසියන් අවට දිය පහරකට දිය නෑමට ගොස් ඇති අතර අසනීප තත්ත්වයක් හෙතුවෙන් දරුවා නිවසේ රඳවා ගොස් ඇත. එම අවස්ථාවේදී නිවසින් පිටතට පැමිණි දරුවා ඇල පාරට වැරෙන්නට ඇතැයි විශ්වාස කරනා බව පොලිසිය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *