නුසුදුසු අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා පාර්ලිමේන්තු ප්‍රමිති පණත ලඟදීම ගේනවා

යෝජිත පාර්ලිමේන්තු ප්‍රමිති පනත් කෙටුම්පත සම්මත වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නුසුදුසු පුද්ගලයින් ඉවත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්කිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ස. ජ. බ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමත් සමඟ සභාව තුළ මතුවූ උණුසුම් තත්ත්වය හමුවේ අමාත්‍යවරයා මේබව ප්‍රකාශය කළේය.

“අපි මේ පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා, නමුත් ඊට පෙර අගමැති දිනේෂ් ගුණවර්ධන මේ ගැන පක්ෂ නායකයන් සමඟ කතා කරනවා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඊට අවශ්‍ය සංශෝධන සිදු කරනු ඇති” අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම සෝල්බරි සාමිවරයාගේ කාලයේ පැවති නීතිය සහ ඕනෑම මන්ත්‍රීවරයෙකු සභාවෙන් නෙරපා හැරීමේ විධිවිධාන තවමත් ක්‍රියාත්මක බව අධිකරණය ප්‍රකාශ කර තිබේ. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට
පාර්ලිමේන්තුව තුළ බාධාකිරිම් සිදුවෙන බවත්, ඔහු විමසන වාචික ප්‍රශ්ණ පසුපසට දමනා කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පැවසූ වේය.

එහෙත් චමින්ද විජේසිටි මන්ත්‍රීවරයා පවසනුයේ තමා සහ තම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට තම පක්ෂයේම අය අපොහොසත් වී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *