”නැවතත් අරගලයක්.” බුද්ධි තොරතුරු එළිකරයි

රට තුළ යළි අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලියම අස්ථාවර කිරීමට එක්තර කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇතුබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

මෙම කණ්ඩායමේ පිරිස් පසුගිය සතියේ මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක වැඩමුළුවක් පවත්වා ඇති බවද එහිදී හමුදාවට හා පොලිසියට විරෝධතාවයකදී මුහුණ දෙන ආකාරය පිළිබඳ එම කණ්ඩායමට පුහුණුවක් ලබාදී ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ද බුද්ධි වාර්තා පෙන්වා දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *