නැපෝලියන්ගේ තොප්පියට යුරෝ මිලියන 1.9 ක මිලක්

ප්‍රකට රණ ශූරයෙක් වූ නැපෝලියන් බොනපාට් 19 වැනි සියවසේ ප්‍රංශය පාලනය කළ සමයේ පැළැඳි තොප්පියක් පැරීසියේ වෙන්දේසියේදී යුරෝ මිලියන 1.9කට අලවි වී ඇත . Fontainebleau හි Osenat වෙන්දේසි ආයතනය විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇත .

කළුපැහැති බීවර් සත්ව ලෝමයන්ගෙන් කර ඇති මෙම බයිකෝන් තොප්පිය තොප්පිය මිලදී ගත් පුද්ගලයාගෙ අනන්‍යතවය හෙළිව නැති වුවද ඔහු ප්‍රධාන පෙලේ කෞතුක භාණ්ඩ එක් රැස්කරන්නෙක් විය හැකිබව විදෙස් මධ්‍ය පවසයි.

නැපෝලියන් වසර ගණනාවක් පුරා බයිකෝන් තොප්පි 120ක් පමණ භාවිත කර තිබුනද මෙවන විට විවිධ ස්ථාන වල ඉන් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බව ඉතිහාසඥයෝ පවසති .

1815 දී වෝටර්ලූහිදී පරාජයට පත් වීමෙන් පසු නැපෝලියන් සතුව තිබූ භාණ්ඩ විශාල ලෙස කොල්ලකන ලදි . රිදී පිඟානක් සහ රේසර්, රිදී දත් බුරුසුවක්, කතුර සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ඔහු සතුව තිබූ ලී වැනටි පෙට්ටියක් මෙම වෙන්දේසියේදී අලවි කර තිබේ .